වාක්‍ය නිර්මාණය සහ විභක්ති
§6. පද කිහිපයක් කිසියම් අර්ථවත් ආකාරයකට පෙළ ගැස්වීම වාක්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. ‘බුද්ධො ධම්මං දෙසෙති (බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක)’ යනු වාක්‍යයකි. එහි ‘බුද්ධො’ යනු ද ‘ධම්මං’ යනු ද නාමපද වේ. ‘දෙසෙති’යනු ක්‍රියාපදයකි.
§7. නාමපදයක් වාක්‍යයක නොයෙක් ආකාරයෙන් යෙදේ. ඇතැම් විට වාක්‍යයේ කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා ලෙස ද තවත් සමහර විට ක්‍රියාවට යටත් වන කර්මය ලෙස ද තවත් සමහර විට අයිතියක් හඟවන පදයක් ලෙස ද යනාදි නොයෙක් ආකාරයෙන් යෙදේ. මෙසේ නාමපදයක් වාක්‍යයක යෙදෙන අවස්ථාව අනුව විභක්තිගත කිරීම කළයුතු වේ.
ඒ අනුව විභක්ති 9 ක් හඳුනාගත හැකි වේ.

No comments:
Post a Comment