බ්‍රහ්මානො චස්සුතාලාපා - සම්බුද්ධා චා‘පි භාසරෙ
මාගධීභාෂාව සිද්ධාර්ථ කුමාරයන්හට ස්වභාෂාව වතු දු උන්වහන්සේගේ බුද්ධාවස්ථාවෙන් පසු නම් (බුද්ධපරම්පරාගත) ස්වභාෂාව පාලිභාෂාවමය. වෙදයට සංස්කෘතය මෙන්ම බුද්ධධර්මයට යෝග්‍ය භාෂාව පාලි හෙවත් මාගධීභාෂාවමය. මූලභාෂාව සම්බන්ධයෙන් ප්‍රාඥයන්ගේ මතාන්තරයෝ බොහෝ වෙත්. ග්‍රන්ථාන්තරයන්හි ඒ සම්බන්ධයෙන් මොනමොනකරුණු දක්වන ලද නමුත් බුද්ධධර්මය සම්බන්ධ පොත්පත් කෙරෙහි විශ්වාසය තබන්නවුන් විසින් නම් එක්කෝ පාලිභාෂාවම මූලභාෂාවයයි පිළිගත යුතුය. නැත්නම් සමහර ප්‍රධාන බණපොත් කෙරෙහි ද තත්කර්තෘන් කෙරෙහි ද විශ්වාසය නොතැබිය යුතුය.
පාලිභාෂාව මූලභාෂාව වශයෙන් දක්වන්නෝ එයට ප්‍රධාන හේතු වශයෙන් කරුණු තුනක් දක්වති.
1. ආදිකල්පිකයන් ව්‍යවහෘත භාෂාවය
2. බ්‍රහ්මයන් ව්‍යවහෘත භාෂාවය
3. ළදරුවන් ව්‍යවහෘත භාෂාවය. යනුයි.
ඇතැම් කෙනෙකුන් විසින් මේ පිළිබඳව යම් යම් ප්‍රශ්නයන් ඉපදවිය හැකි නමුත් බෞද්ධලෝකයාගේ ගෞරවනමස්කාරයට භාජනය වූ බුද්ධවචනයත් තදර්ථකථාත් භාරගන්නවුන් වශයෙන් අප විසින් කියයුත්තේ ලෝකයෙහි මූලභාෂාව නම් මාගධාපරනාමධෙය පාලිභාෂාව ම බවය.
පණ්ඩිත යගිරල පඤ්ඤානන්ද හිමි

No comments:
Post a Comment